loader

ඇෆ්ගන් දේශසීමාවට ආසන්නව පාකිස්තානයේ ගෝත්‍රික දිස්ත්‍රික්කයක්වන කුරම් හරහා ගමන් කරමින් සිටි මගී වාහන 200කින් යුත් රථ පෙළකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ නාඳුනන තුවක්කු කරුවන් විසින්. ඉන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් ඇති අතර 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම ප්‍රදේශයේ මාස ගණනාවක් පුරා ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවෙමින් පවතින […]

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අයෙක් නම් කර තිබෙනවා. ඔහු එරාවුර් නගර සභාවේ හිටපු සභාපති එම්.එස්. නලීම්. පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට දිනා ගැනීමට හැකි වූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් පමණයි.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් Protection Visa සම්බන්ධයෙන් සංක්‍රමණිකයන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. Protection visa ලබාදෙන්නේ සරණාගතයන් සදහා පමණක් වන බවත් රැකියා සදහා හෝ දීර්ඝ කාලයක් ඕස්ට්‍රේලියාවේ රැදී සිටීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට ලබා දෙන විසා බලපත්‍රයක් නොවන බවයි සඳහන් කරන්නේ. මෙය වලංගු විසා බලපත්‍රයකින් ඕස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කරන පුද්ගලයන් වෙත ලබා […]

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම අද (21) ප.ව 3.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දී. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්. නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දෙනු […]

සමාජ මාධ්‍ය ජාලා මත ඩිජිටල් ආරක්ෂාව, යහපැවැත්ම හා සදාචාරාත්මක බැඳීම සහතික කිරීමට නීතිමය රාමුවක් පැනවීමට ඕස්ට්‍රේලියානු රජය සැලසුම් කර තිබෙනවා. මෙමගින් සමාජ මාධ්‍ය ජාලාවන්ට ප්‍රවේශ වීම සදහා වයස් සීමාවන් බලාත්මක කිරීමට අමතරව හානිකර අන්තර්ජාල පිවිසීම් පිළිබඳව සැලකිලිමත් වනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම තහනම TikTok, Facebook සහ Instagram වැනි සමාජ මාධ්‍යයන් ආවරණය වන පරිදි පනවන බවයි […]

ජීවන වියදම හමුවේ ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ කුලී නිවාස සහ උකස් ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයක දි යළි තහවුරු වී තිබෙනවා. CoreLogic වාර්තා අනුව වාර්ෂික ආදායම ඩොලර් 101,000 පමණ වන නිවසක එම ආදායමෙන් 33%ක් අනිවාර්යයෙන්ම නිවසේ කුලිය සදහා වැය කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ. තමන්ගේම නිවසක් මිලදී ගැනීම සදහා අවම වශයෙන් එම නිවාස වටිනාකමින් […]

10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි මහතා පත් වී තිබෙනවා . ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන් අතර ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනුයි එම තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්විසාලී මහතා යෝජනා කරනු ලැබුවේ. එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ ළමා හා කාන්තා […]

10 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබෙනවා ඒ බව කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා දැනුම් දී තිබෙනවා.

10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහා ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් කථානායක ධූරයට මන්ත්‍රීවරයෙකු නම්කරන ලෙස නිවේදනය කළ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඒ සඳහා අශෝක රංවල මහතාගේ නම යෝජනා කරනු ලැබුවා. එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසිනි . ඒ […]

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) පෙ.ව. 10.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එහිදී පළමු කාර්ය වන්නේ කතානායකවරයා තෝරා පත් කරගැනීමයි ඉන් අනතුරුව කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇත. පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සදහා අසුන් […]