loader

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහනේ 3 වෙනි සමාලෝචනදී එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දුත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (23) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය පිළිබඳ විශේෂ […]

ලෝකයේ සංචාරක ගමනාන්ත පිළිබඳ ප්‍රසිද්ධ Flash Pack web අඩවිය 2025 වසර සඳහා නිකුත් කර ඇති ලෝකයේ වඩාත් ජනප්‍රිය තනි සංචාරක (Solo Travel) ගමනාන්ත අතර ප්‍රථම ස්ථානය ලෙසට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. එම වෙබ් අඩවි තොරතුරුවලට අදාළව ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ සංස්කෘතික අත්දැකීම්, මනස්කාන්ත සදාහරිත වනාන්තර, සිත් ඇදගන්නා සුළු වෙරළ තීරයන් සහ දර්ශනීය තේ වතු […]

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඔහු සඳහා වන පත්වීම් ලිපිය අද (22) ජනාධිපති කාර්යාලයේ දී පිළිගන්වනු ලැබුයේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසිනුයි. කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන මෙතුමා […]

මධ්‍යම ඇමරිකාවේ සහ දකුණු මෙක්සිකෝවේ සිටි අනවසර සංක්‍රමණිකයින් දහස් ගණනක් ඇමෙරිකානු දේශසීමා ආසන්නයට පැමිණෙමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඒ ලබන ජනවාරි මාසයේදී ජනාධිපති ධුරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රාජකාරී ආරම්භ කිරීමට පෙරයි. ඔවුන් මෙසේ පැමිණීමට හේතුව වී ඇත්තේ ඩොනල්ඩ් තමා බලයට පත්වූ වහා ම ඇමෙරිකාවේ සිටින අනවසර සංක්‍රමණිකයන් සියළුදෙනාවම පිටුවහල් කරන බවට මැතිවරණ […]

Australia Supermarketවල ඇති ඇසුරුම් රහිත පලතුරු සහ එළවළු බොහෝ විට ප්ලාස්ටික් ඇසුරුම් සහිත නිෂ්පාදනවලට වඩා මිල අධික බව සමාලෝචනයක් මගින් සොයාගෙන තිබෙනවා . සුපිරි වෙළඳසැල්වල ප්ලාස්ටික් භාවිතය පිළිබඳ ඕස්ට්‍රේලියානු සමුද්‍ර සංරක්ෂණ සංගමය (The Australian Marine Conservation Society ) විසිනුයි අදාළ සමීක්ෂණය සිදු කොට ඇත්තේ. මෙම සමාලෝචනය මගින් ඕස්ට්‍රේලියානු පවුල් විසින් ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු […]

කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ එරට ප්‍රධාන ගුවන් තොටුපළේ පාලනය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට පැවරීමට බලාපොරොත්තු වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කරන ලෙස නියෝග කර තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේ ජාතිය අමතමින්. ඩොලර් බිලියන 2 කට ආසන්න වටිනාකමකින් යුත් යෝජිත ව්‍යාපෘතිය යටතේ ආදානි සමූහ ව්‍යාපාරයට ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන ධාවන පථයක් එක් කිරීමට සහ වසර […]

IPL තරගාවලියේ 2025 අදියර ඇතුළුව ඉදිරි තරගාවලි තුනක් පැවැත්වෙන කාලසීමාවන් නිවේදනය කර තිබෙනවා. අදියර තුනකින් තරග පැවැත්වෙන කාලසීමාවක් ප්‍රසිද්ධියට පත්කළ පළමු අවස්ථාව මෙය බව සඳහන්. ඒ අනුව එළැඹෙන 2025 අදියර මාර්තු 14 වනදා ආරම්භ වන අතර, එහි අවසන් මහා තරගය මැයි 25 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 2026 තරගවාරය මාර්තු 15 වනදා ආරම්භ වී මැයි […]

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ප්‍රකාශයක් ලබාදීම සදහා මේ වන විට ( ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) උදෑසන 11ට පමණ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා චැනල් 4 නාලිකාවේ විකාශය වූ වැඩසටහනක පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයට අදාළව කර තිබූ කරුණු දැක්වීමකට අදාළව ප්‍රකාශයක් ලබා දීමටයි […]

මේ දින වල ඕස්ට්‍රේලියානු භාෂා පරිවර්තක සහ පරිවර්තක ආයතනයේ (AUSIT) ජාතික සමුළුව සාර්ථකව Melbourne හි පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියාවේ ජිවත් වුවත් තමන්ගේ මව් භාෂාවෙන් අවශ්‍ය සේවා සැපයීම මෙහි අරමුණ වන අතර භාෂා නොදැනුවත්කමින් අපහසුතාවට පත්කිරීම අවම කිරීම මෙහි අරමුණයි. සෑම දිනකම දවසේ පැය 24 පුරාම මෙම සේවා ක්‍රියාත්මක කරන අතර සේවාවන් සඳහා පහසුකම් සපයන පරිවර්තකයන් 2700කට අධික […]

හොර රහසේ මෙරටට ගෙන්වන ලද නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු මහනුවර ප්‍රදේශයේ අරුප්පලවත්ත පාරේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙක්. එම ප්‍රදේශයේ වෙළඳ සැලක් තුළ සිදු කළ වැටලීමකදී Newcastle වර්ගයේ දුම්වැටි 5,000 ක් අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර […]