loader

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (25) පිරිනමා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙණෙවිය පත් කර තිබෙනවා. ග්‍රාමීය […]

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ කඳුකර මාර්ගයක ගමන් ගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම වාර්තා සඳහන් කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ එහි 40 දෙනෙකු ගමන් කර ඇති බවයි. සිද්ධියෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, මිය ගිය පිරිස අතර, ගැබිණි කාන්තාවක්ද සිටින බවත් පැවසෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත […]

රුහුණ විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එහි උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කර තිබෙනවා. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වන වගන්තිය යටතේ […]

වත්මන් රජය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ IMF ගිවිසුමේ කොන්දේසි වෙනස් කරන බවට සඳහන් කර ජන වරමක් ලබා ගත්තත් අද එම ජන වරම පාවා දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්. බදු අඩු කිරීම, වැට් අඩු කිරීම, ජනතාවට සහන ලබා […]

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී ගෙන තිබෙනවා. ඒ අනුව මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.40 මුදලකට අළෙවි වූ අතර වනිඳු හසරංග අළෙවි වූයේ ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකටයි. දල වශයෙන් එම අගයන් දෙකේ වටිනාකම පිළිවෙලින් […]

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නිසා අද (25) උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. නිවේදනයේ සඳහන් වන්නේ එම පද්ධතිය අද අලුයම 02.30 පමණ වනවිට මඩකළපුවට කී.මී. 500ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් […]

චීන කොමියුනිස්ට් පක්ෂයේ (IDCPC) ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමු වී තිබෙනවා. ඒ කොළඹ අරලියගහ මන්දිරයේ දී යි. මෙම රැස්වීමට මහජන චීන සමූහාණ්ඩුවේ (IDCPC) ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද […]

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලේ වාර්තාවක් එකම දිනක දී දෙවතාවක් අද(24) අලුත් වුණා. මීට පෙර ඉහළම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර, ඔහු 2024 අදියරට අදාළ වෙන්දේසියේ දී අළෙවි වී තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 24.75කටයි. ඒ අනුව, ෂ්රෙයස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75කට අළෙවි […]

පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා. සිය පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කළ බැවින් ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති මන්ත්‍රී ධුර සම්බන්ධව එම පෙරමුණ සමග සාකච්ඡා කළ බවයි පක්ෂ සභාපති නිමල් […]

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද (24) හා හෙට (25) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. සෞදි අරාබියේ Jeddah හීදී (Abady Al Johar Arena) පැවැත්වීමට නියමිත වෙන්දේසිය මෙරට වේලාවෙන් පස්වරු 3:30 ට ආරම්භ වීමට නියමිතයි. දිවා ආහාරය සදහා වෙන්දේසියේ වැඩකටයුතු පස්වරු 5:00 ට නතර කිරීමට නියමිතව තිබෙනවා. ඉන් පසුව වෙන්දේසිය යළි ආරම්භ වන්නේ […]