loader

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව 2025 පෙබරවාරි 25 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි නිකුත් කර තිබෙනවා . 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමිනුයි අල්ලස් කොමිසම විසින් […]

පසුගිය කාලයේ ජනතාවගේ පිළිකුලට සහ අප්‍රසාදයට පත් වූ පාර්ලිමේන්තුව යළිත් උත්තරීතර ආයතනයක් බවට පත් කරන්නට නම් සියලු මන්ත්‍රීවරුන් තමන් මහජන නියෝජිතයින් බව සිහි තබාගෙන වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළා. දහවන (10) පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ. […]

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙදිනක් පුරා පැවැති ක්‍රීඩක වෙන්දේසිය සෞදි අරාබියේ Jeddah හී දී ඊයේ (25) රාත්‍රියේ අවසන් වුණා. වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඉදිරිපත් කිරීමට පියවර ගැණුනේ ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණයි. ඉන් 6 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කළ අතර, විජයකාන්ත් වියස්කාන්ත්, පැතුම් නිස්සංක හා […]

අද ( 26 ) දිවයිනේ ( ශ්‍රී ලංකාවේ ) උතුර, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.200 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවත්, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති […]

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබෙනවා. ඊයේ (25) දිනයේ මෙම හමුව සිදුව ඇත්තේ ජනාධිපති කාර්යාලයේ දීයි. පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ජයග්‍රහණය සහ මහ මැතිවරණයේ දි ඔහුගේ පක්ෂය විසින් […]

මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ, පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි. ඒ අනුව වසරේ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් තිස් දෙදෙනෙකු (32) සාර්ථක, සම්බන්ධීකරණ ක්‍රියාවලියකින් පසුව බේරාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද(25) දිනයේ මොවුන් මෙලෙස මුදාගෙන ඇති බව සඳහන්. ඔවුන් හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතවයි. කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 24 දෙනෙකු මෙලෙස මුදවාගත් පිරිසට අයත්. ඔවුන් Mae Sot […]

රාජ්‍ය ණය කළමනාකරණ පනත අද (25) සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, පසුගිය ජුනි 7 වැනි දා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ ණය සේවාකරණය සඳහා බලය ලබාදීම ඇතුළු නියමයන් රැසක් ඊට ඇතුළත් බවයි […]

ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළේ මේ වනවිට ඉහළ ඉල්ලුමක් පවතින රැකියා සම්බන්ධයෙන් නවතම පර්යේෂණයක් සිදු කොට තිබෙනවා. Jobs and Skills Australia මගින් සිදු කළ මෙම නවතම පර්යේෂණය මගින් නැගී එන රැකියා 37ක් හඳුනාගෙන ඇති බව සඳහන්. මෙම නව රැකියා භූමිකාවන් ඕස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොළට අලුත් විය හැකි අතර ඒවා ප්‍රධාන කාණ්ඩ කිහිපයකට කාණ්ඩගත කරයි. එනම්, Advertisement Net Zero […]

ඉන්දියාවේ Bareilly සිට Badaun දිස්ත්‍රික්කයේ Dataganj දක්වා ගූගල් සිතියම් ආධාරයෙන් ධාවනය කළ මෝටර් රථයක් පාලමක සිට අඩි 50ක පහළින් ගලා යන ගංඟාවට වැටී එහි ගමන් ගත් තිදෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. උත්තර් ප්‍රදේශ්හි පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප්‍රදේශවාසීන් එකතු වී හානියට පත් මෝටර් රථය ගඟෙන් පිටතට […]