
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් Protection Visa සම්බන්ධයෙන් සංක්‍රමණිකයන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
Protection visa ලබාදෙන්නේ සරණාගතයන් සදහා පමණක් වන බවත් රැකියා සදහා හෝ දීර්ඝ කාලයක් ඕස්ට්‍රේලියාවේ රැදී සිටීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට ලබා දෙන විසා බලපත්‍රයක් නොවන බවයි සඳහන් කරන්නේ.
මෙය වලංගු විසා බලපත්‍රයකින් ඕස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කරන පුද්ගලයන් වෙත ලබා දීම සදහා නිර්මාණය කර ඇති විසා කාණ්ඩයක් බවට සඳහන්.
Protection visa බලපත්‍රය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජගත වී ඇති බවත් ඒ හරහා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අවස්ථා අනිවාර්යයෙන් හිමිවන බවට වන අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් මෙම වීසා බලපත්‍ර ලබාගැනීම සදහා අයදුම් කරන පාර්ශවකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුව තිබෙනවා.
Protection visa විසා බලපත්‍රයක් ලබාගැනීම සදහා දළ වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 45 ක මුදලක් වැය වන බව සඳහන්.
මෙම විසා බලපත්‍ර ලබාගැනීම සදහා අයදුම් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් සරණාගතභාවය සම්බන්ධ විශේෂඥයෙකුගෙන් සහ ආගමන නීති උපදේශකයෙකුගෙන් අවශ්‍ය නීති උපදෙස් ලබාගත යුතු බව වැඩිදුරටත් සඳහන් වෙනවා.