loader

අයවැය විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

එළඹෙන 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව පෙබරවාරි 17 වැනිදා දෙවැනි වර කියවීමටත් මෙම අනුමැතිය හිමි වූ බව සඳහන්.

ඒ අනුව, තෙවන වර කියවීමේ අයවැය විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වෙන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *