
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ වැඩසටහනේ 3 වෙනි සමාලෝචනදී එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දුත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (23) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.
ඒ අනුව එම අරමුදලයේ සිව්වන වාරිකය මෙරටට නුදුරේ දීම ලැබෙනු ඇති.
එමෙන්ම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අනුමැතිය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාරිත්වයට සහ විධායක මණ්ඩලයට යොමු කළ බව ද පීටර් බෲවර් එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළා.
එම අරමුදලේ එකඟතා අනුව මේ වසරේ ජුනි අවසානය වන තෙක් පැවති ඉලක්ක සැලකිය යුතු මට්ටමින් සමාලෝචනය කර ඇති අතර සැප්තැම්බර් වන විටත් වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත් බව ඔවුන්ගේ අදහසයි.
ඔක්තොම්බර් මාසයට පෙර බොහෝ ව්‍යුහාත්මක ඉලක්ක ප්‍රමාදයකින් හෝ ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රකාශ කළ IMF නියෝජිතයින් දිළිදු සහ අසරණ ජනතාව ආරක්ෂා කිරිමේ වගකීම රජයට ඇති බවයි වැඩිදුරටත් පැවසුවේ.
එම මුල්‍ය අරමුදල විසින් සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් මෙරටට මුදා හැරීමට නියමිතව තිබෙන අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක් පසුගිය වසරේ මාර්තු මස 21වන දිනත් අමෙරිකානු ඩොලර් මිලියන 337ක් දෙසැම්බර් මස 13වන දිනත් මෙරටට මුදාහරිනු ලැබුවා.
තුන්වන වාරිකය මෙම වසරේ ජුනි මාසයේ දී ලැබුණු අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 336ක්.