loader

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ තුන්වැනි සමාලෝචනයෙන් අනතුරුව එළඹ ඇති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පිළිගෙන තිබෙනවා.

මෙම අනුකූලතාවයෙන් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථික ප්‍රකෘතියේ ප්‍රගතිය බවයි එම මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

දිගු කාලීන තිරසාර වර්ධනය සීමා කරන ප්‍රධාන බාධක ආමන්ත්‍රණය කිරීම සහ ප්‍රතිසංස්කරණ ගම්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහි අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුකූලව සම්පූර්ණ කිරීමට රජය අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *