loader

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ප්‍රකාශයක් ලබාදීම සදහා මේ වන විට ( ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) උදෑසන 11ට පමණ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා චැනල් 4 නාලිකාවේ විකාශය වූ වැඩසටහනක පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයට අදාළව කර තිබූ කරුණු දැක්වීමකට අදාළව ප්‍රකාශයක් ලබා දීමටයි .

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා පෙරේදා දිනයේදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, පැය 05කට පමණ පසුවයි ඉන් පිටව ගොස් තිබුණේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *