loader

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම ධුරයට පත්වීමෙන් පසු ප්‍රථම වරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ගුණාත්මක, ප්‍රශස්ත සහ විධිමත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සදහා ගතයුතු කෙටි කාලීන හා දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුයි. ඒ අනුව සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියට […]

හිස්බුල්ලා සංවිධානයට එරෙහි ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ මධ්‍යම බේරූට් ප්‍රදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. එම ප්‍රහාරයෙන් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති අතර නැගෙනහිර ලෙබනනයේ බාල්බෙක් දිස්ත්‍රික්කයට එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් හතර දෙනෙකු ඇතුළු තවත් 13 දෙනෙකු මියගොස් තිබෙන බව සඳහන්. එරට ගලවා ගැනීම් කණ්ඩායම් ප්‍රහාරයෙන් දිවි […]

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සම්බන්ධයෙන් කිසිදු අර්බුදයක් නොමැති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කොළඹ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. එහිදී ඔහු ප්‍රකාශ කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්, ඒවා නිසි ක්‍රමවේදය සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවයි. සමගි ජන […]

2024 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වන විට එම නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන බවත් එසේ ඉල්ලුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දෙසැම්බර් 03 වැනිදා සිට අදාළ නිවාස ලබාදීම ආරම්භ කරන බවයි. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස […]

තමාට සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගලාන්ට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) විසින් ගත් තීරණය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හෙළා දැක තිබෙනවා. සිවිල් වැසියන්ගේ ජීවිත හානි වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සිය බලයෙන් හැකි සෑම දෙයක්ම කරන විට මෙසේ හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කරගත් බව පවසමින් එම අධිකරණය […]

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කුමන්ත්‍රණයකට සම්බන්ධ බවටටයි එරට පොලිසිය චෝදනා කරනනේ. 2022 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා, ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග එක්ව කුමන්ත්‍රණයක් සිදුකර ඇති බව බ්‍රසීල පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව මෙම කුමන්ත්‍රණය සඳහා හිටපු ඇමතිවරුන් හා නිලධාරීන් 36 දෙනෙකු එක්ව ඇති බවද එරට පොලිසිය එල්ල කරන චෝදනාවල දැක්වෙන්නේ. […]

බංගලාදේශ 17න් පහළ ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ සංචිතය නම් කර තිබෙනවා. ඒ අද ( 23) දින කනිෂ්ඨ තේරීම් කමිටුව විසිනුයි. 15 දෙනෙකුගෙන් යුත් එම තෝරාගත් සංචිතය පළමු එක්දින තරඟ දෙක සඳහා වේ. එම ක්‍රිකට් තරඟ නොවැම්බර් 24, 26 සහ 28 යන දිනවල ගාල්ල […]

අමෙරිකාව කිසිදු අයුරකින් හොංකොං හි කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව චීනය ‍අවධාරණය කරනවා. හොංකොං හි ජාතිකාරක්ෂක නීතිය බලාත්මක කිරීමට අදාළ නිලධාරීන්ට එරෙහිව නව වීසා සීමා පනවන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමත් සමගයි චීනය මෙම ප්‍රකාශය සිදු කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් […]

ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ අද (23) මහනුවරදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්. එහිදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අනුව හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත්, එය […]

වැටුප් සහ කොන්දේසි සම්බන්ධ ගැටළුවක් මුල් කර ගනිමින් Woolworths සුපිරි වෙළඳ සැල් ජාලයට අයත් ගබඩා 4 ක සේවය කරන 1500 කට අධික සේවකයන් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක වන මෙම වැඩ වර්ජනය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන තුනකට මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බෙදාහැරීමේ මධ්‍යස්ථානයට ද විශාල බලපෑමක් එල්ල කරන […]