loader

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කළ බව සඳහන්. එම මණ්ඩලය ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් අද සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන බව […]

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද(27) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය එරට වේලාවෙන් අද සවස 4.00ට ක්‍රියාත්මක වනු ඇති. අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. එක්සත් ජනපදය සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන්, ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර […]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ තුන්වැනි සමාලෝචනයෙන් අනතුරුව එළඹ ඇති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පිළිගෙන තිබෙනවා. මෙම අනුකූලතාවයෙන් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථික ප්‍රකෘතියේ ප්‍රගතිය බවයි එම මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. දිගු කාලීන තිරසාර වර්ධනය සීමා කරන ප්‍රධාන බාධක ආමන්ත්‍රණය කිරීම සහ ප්‍රතිසංස්කරණ ගම්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන […]

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ඩර්බන්හිදී ආරම්භ වීමට නියමිත අතර දෙරට අතර ටෙස්ට් තරඟාවලියක් පැවැත්වෙන්නේ වසර 3කට පසුවයි. මෙවර තරඟාවලියට සහභාගී වීමට වසර දෙකකට පසු, වමතින් දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ශ්‍රී ලංකා සංචිතයට කැදවා […]

අද ( 27 ) දින දිවයිනේ ( ශ්‍රී ලංකාවේ ) උතුර, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සෙසු ප්‍රදේශවල විටින් විට මි.මී.75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් […]

රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාමහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම හමුව සිදු කර ඇත්තේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී යි. මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය කොමසාරිස් ලලිතා කපූර් මෙනවිය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන […]

රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ ආයෝජනයන්හි වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බැවින් එම ආයෝජන අවස්ථාවන්ට සහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමු වී තිබෙනවා. එහි නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී.අපෝන්සු මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේ දීයි මේ පිළිබඳව සාකච්ඡා වී ඇත්තේ. ඒ අනුව බලශක්ති, නවීන කෘෂිකර්මාන්ත හා කාලගුණ විපර්යාස ක්ෂේත්‍රයන්හි […]

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වූ ළාබාලතම ක්‍රීඩකයා බවට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි පත්ව තිබෙනවා. ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.1කටයි මිළදි ගෙන ඇත්තේ. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලංසු යුද්ධයකට එළඹීමෙන් පසුව රාජස්ථාන් විසිනුයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා මොහු වීමද […]

ලබන වසරේ මුල් මාස 04 ක කාලය සඳහා රජයේ කාර්යන් සහ ණය සේවාකරණය අඛණ්ඩව සිදුකරගෙන යාමට අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන ( ශ්‍රී ලංකා වේලාවෙන් අද ( 26) දහවල් 12 ට […]

අයවැය විවාදය පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. එළඹෙන 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඉන් අනතුරුව පෙබරවාරි 17 වැනිදා දෙවැනි වර කියවීමටත් මෙම අනුමැතිය හිමි වූ බව සඳහන්. ඒ අනුව, තෙවන වර කියවීමේ අයවැය විවාදය පෙබරවාරි 27 වැනිදා සිට […]