loader

Australia Supermarketවල ඇති ඇසුරුම් රහිත පලතුරු සහ එළවළු බොහෝ විට ප්ලාස්ටික් ඇසුරුම් සහිත නිෂ්පාදනවලට වඩා මිල අධික බව සමාලෝචනයක් මගින් සොයාගෙන තිබෙනවා .

සුපිරි වෙළඳසැල්වල ප්ලාස්ටික් භාවිතය පිළිබඳ ඕස්ට්‍රේලියානු සමුද්‍ර සංරක්ෂණ සංගමය (The Australian Marine Conservation Society ) විසිනුයි අදාළ සමීක්ෂණය සිදු කොට ඇත්තේ.

මෙම සමාලෝචනය මගින් ඕස්ට්‍රේලියානු පවුල් විසින් ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු මිලදී ගැනීම සඳහා වසරකට ඩොලර් 155ක් වැඩිපුර වැය කරන බවත්, සුපිරි වෙළඳසැල් ප්ලාස්ටික් ඇසුරුම් සහිත නිෂ්පාදන සඳහා අඩු මුදලක් අය කරන බවත් හඳුනාගෙන ඇති අතර ඇසුරුම් රහිත අර්තාපල්, ඇසුරුම් බෑග් වලට වඩා සියයට 53කින් වැඩි බව පවසයි.

සමුද්‍ර සංරක්ෂණ සංගමයේ සාමාජිකා Cip Hamilton පවසන්නේ සාගර සහ ජල මාර්ග දූෂණය කිරීම, සාගර ජීවීන් මරා දැමීම ආදී ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය යනු මිනිස් සෞඛ්‍යයට මෙන්ම මුළුමහත් සමාජයටම බලපාන පාරිසරික අර්බුදයක් බවයි.

තවද ඇසුරුම් අඩු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමේ ජාතික වැඩසටහනට මෙම සුපිරි වෙළඳසැල් ප්‍රමාණවත් ලෙස සහය ලබා නොදෙන බවත් මෑත කාලීන පර්යේෂණවලින් ප්ලාස්ටික් නිෂ්පාදනය වැඩි වන විට ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණයද වැඩි වන බව හඳුනාගෙන ඇති බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ..

මෙම සොයාගැනීම් තුළ Woolworths, Coles සහ Aldi විසින් ප්ලාස්ටික් ඇසුරුම්වල ඔතා ඇති නිෂ්පාදන වලට වඩා 70% කට වැඩි මුදලක් ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු සඳහා අය කරන බවත්, එමගින් ඕස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වැඩි කිරීමට සහය වන බවද සඳහන්ය.

මෙම වෙළඳසැල් විසින් ඇසුරුම් රහිත පලතුරු සහ එළවළු මිලදී ගැනීමට පාරිභෝගිකයින් දිරිමත් කිරීම සඳහා තෝරාගත් වෙළඳසැල්වල කාඩ්බෝඩ් පෙට්ටි ඇසුරුම් භාවිතය අත්හදා බලමින් සිටින බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *