
රාජ්‍ය ණය කළමනාකරණ පනත අද (25) සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.
රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, පසුගිය ජුනි 7 වැනි දා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ ණය සේවාකරණය සඳහා බලය ලබාදීම ඇතුළු නියමයන් රැසක් ඊට ඇතුළත් බවයි සඳහන් වන්නේ.
මෙම පනතින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීමට ද යෝජිතයි.