
බ්රසීලයේ ඇලගෝස් ප්රාන්තයේ කඳුකර මාර්ගයක ගමන් ගත් බස් රථයක් ප්රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.
එම වාර්තා සඳහන් කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ එහි 40 දෙනෙකු ගමන් කර ඇති බවයි.
සිද්ධියෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, මිය ගිය පිරිස අතර, ගැබිණි කාන්තාවක්ද සිටින බවත් පැවසෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්රාන්ත ආණ්ඩුකාර කාර්යාලය දින තුනක ශෝක කාලයක් ප්රකාශයට පත් කර තිබෙන බව සඳහන්.