
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී ගෙන තිබෙනවා.
ඒ අනුව මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.40 මුදලකට අළෙවි වූ අතර වනිඳු හසරංග අළෙවි වූයේ ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකටයි.
දල වශයෙන් එම අගයන් දෙකේ වටිනාකම පිළිවෙලින් ශ්‍රී ලංකා රුපියල් කෝටි 15 සිට 18 දක්වා අගයක් ගනු ඇති.
එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ මෙම වෙන්දේසිය මෙවර සෞදි අරාබියේ දී පැවැත්වෙනවා.