loader

රුහුණ විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එහි උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආර්. එම්. යූ. එස්. කේ. රත්නායක මහතා පත් කර තිබෙනවා.

ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව අද (25) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදු කර තිබෙනවා.

රුහුණ විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්ත්වයට නැවත පත් කිරීමට අදාළ බලධාරීන් අපොහොසත් වී ඇති බව ද එම ගැසට් පත්‍රයේ වැඩි දුරටත් සඳහන්.

අදාළ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් ඉකුත් 19 වනදා වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *