loader

වත්මන් රජය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ IMF ගිවිසුමේ කොන්දේසි වෙනස් කරන බවට සඳහන් කර ජන වරමක් ලබා ගත්තත් අද එම ජන වරම පාවා දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්.

බදු අඩු කිරීම, වැට් අඩු කිරීම, ජනතාවට සහන ලබා දෙන නව IMF ගිවිසුමකට ප්‍රවේශ වන බව කියා වත්මන් රජය ජනවරම ලබා ගත්තත් අවසානයේ ජනතාවගේ විශ්වාසය බිඳ දමා ඇති බවයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

එසේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ IMF ගිවිසුම ක්‍රියාත්මක නොකර එය වෙනස් කරන බවට වාර්තමාන රජය මැතිවරණ වේදිකාවේ දී ප්‍රකාශ කළ ද අද වන විට ඔවුන් ක්‍රියාත්මක කරන්නේ එම ගිවිසුම බවත් එය වෙනස් කරනවා කියා බලය ගත්තද ඒ කිසිවක් සිදු කර නැති බවත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළා.

ඒ අනුව ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මාරු වුවද ක්‍රියාත්මක වන්නේ පරණ ක්‍රමවේද බවයි ඔහුගේ අදහස වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *