loader

චීන කොමියුනිස්ට් පක්ෂයේ (IDCPC) ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමු වී තිබෙනවා.

ඒ කොළඹ අරලියගහ මන්දිරයේ දී යි.

මෙම රැස්වීමට මහජන චීන සමූහාණ්ඩුවේ (IDCPC) ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong හා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, පාර්ලිමේන්තු කාරක සභාවේ නියෝජ්‍ය සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය යන මහත්ම මහත්මීන් ද මෙම හමුවට සහභාගී වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *