loader

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලේ වාර්තාවක් එකම දිනක දී දෙවතාවක් අද(24) අලුත් වුණා.

මීට පෙර ඉහළම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා මිචෙල් ස්ටාක් වන අතර, ඔහු 2024 අදියරට අදාළ වෙන්දේසියේ දී අළෙවි වී තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 24.75කටයි.

ඒ අනුව, ෂ්රෙයස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75කට අළෙවි වෙමින් අද දිනයේ ස්ටාක්ගේ වාර්තාව බිඳ දැමුවා.

කෙසේ වෙතත් එම වාර්තාව තබා සුළු වෙලාවක් යාමට මත්තෙන් රිෂාබ් පාන්ට් ඉන්දීය රුපියල් කෝටි 27කට අළෙවි වූ අතර ෂ්රෙයස් අයියර් තැබූ වාර්තාව පැවතියේ ඉතා කෙටි වෙලාවක් පමණි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම මුදලකට අළෙවි වූ ක්‍රීඩකයන් පහත පරිදි වේ.

රිෂාබ් පාන්ට් – ඉන්දීය රුපියල් කෝටි 27 (ලක්නව් සුපර් ජයන්ට්ස් 2025)

ෂ්රෙයස් අයියර් – ඉන්දීය රුපියල් කෝටි 26.75 (පංජාබ් කිංග්ස් – 2025)

මිචෙල් ස්ටක් – ඉන්දීය රුපියල් කෝටි 24.75 (කොල්කටා නයිට් රයිඩර්ස් – 2024)

පැට් කමින්ස් – ඉන්දීය රුපියල් කෝටි 20.5 (සන්රයිසස් හයිදරාබාද් – 2024)

සෑම් කරන් – ඉන්දීය රුපියල් කෝටි 18.5 (පංජාබ් කිංග්ස් – 2023)

අර්ෂ්දීප් සිං – ඉන්දීය රුපියල් කෝටි 18 (පංජාබ් කිංග්ස් – 2025)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *