
පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර තිබෙනවා.
සිය පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග සන්ධාන ගතවී තරග කළ බැවින් ජාතික ලැයිස්තුවෙන් හිමිවී ඇති මන්ත්‍රී ධුර සම්බන්ධව එම පෙරමුණ සමග සාකච්ඡා කළ බවයි පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මතුව ඇති ජාතික ලැයිස්තු අර්බුදය සාකච්ඡා කිරීම සඳහා පක්ෂ මූලස්ථානයේදී රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුයේ තම පක්ෂයට හිමිවිය යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා දිය යුතුය යන ස්ථාවරයට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වී තීන්දුවක් ගත් බවයි.