loader

2024 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වන විට එම නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන බවත් එසේ ඉල්ලුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දෙසැම්බර් 03 වැනිදා සිට අදාළ නිවාස ලබාදීම ආරම්භ කරන බවයි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 110න් සමන්විත වන අතර කොළඹ සිට 40Km ක් ඇතුළත නිවසක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට අවස්ථාව පවති.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශය පවසන්නේ ආණ්ඩුව හා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම්වල අනුපිළිවෙල මත මෙම නිවාස ලබාදෙන බවයි.

09 වැනි පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම නිවාස සංකීර්ණයේ නිවාසවල රැඳී සිටීමට අවසර ලබාදී තිබුණේ මහ මැතිවරණය පැවැත්වුණු ඉකුත් (14) වැනිදා තෙක් පමණක් වන අතර මෙවර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් තව දුරටත් එම නිවාස සංකීර්ණයේ රැඳී සිටීමට හැකියාව ඇති බවයි පාර්ලිමේන්තු බලධා‍රීන් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *