
කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ එරට ප්‍රධාන ගුවන් තොටුපළේ පාලනය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට පැවරීමට බලාපොරොත්තු වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කරන ලෙස නියෝග කර තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව නිවේදනය කළේ ජාතිය අමතමින්.
ඩොලර් බිලියන 2 කට ආසන්න වටිනාකමකින් යුත් යෝජිත ව්‍යාපෘතිය යටතේ ආදානි සමූහ ව්‍යාපාරයට ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන ධාවන පථයක් එක් කිරීමට සහ වසර 30ක බදු දීමක් සඳහා මගී පර්යන්තය වැඩි දියුණු කිරීමට නියමිතව තිබුණා.
පසුගිය මාසයේදී විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම සඳහා ආදානි සමූහ ව්‍යාපාරය සමඟ එරටේ බලශක්ති හා ඛනිජ තෙල් අමාත්‍යාංශය අත්සන් කළ 30 වසරක, ඩොලර් මිලියන 736ක රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය ද අවලංගු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ නමුත් කෙන්යානු ජනාධිපතිගේ මෙම නිවේදනය සම්බන්ධයෙන් ආදානි සමූහයේ නියෝජිතයින් ප්‍රතිචාර දක්වා නොමැති බවයි සඳහන් වන්නේ.
එක්සත් ජනපද බලධාරීන් විසින් අධිචෝදනා පත්‍රයේ සඳහන් කර ඇත්තේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු වන කණ්ඩායම් නිර්මාතෘ ගෞතම් අදානි සහ තවත් විත්තිකරුවන් හත් දෙනෙකු ඉන්දීය රජයේ නිලධාරීන්ට අල්ලස් වශයෙන් ඩොලර් මිලියන 265 ක් ගෙවීමට එකඟ වූ බවයි.