loader

අමෙරිකාව කිසිදු අයුරකින් හොංකොං හි කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව චීනය ‍අවධාරණය කරනවා.

හොංකොං හි ජාතිකාරක්ෂක නීතිය බලාත්මක කිරීමට අදාළ නිලධාරීන්ට එරෙහිව නව වීසා සීමා පනවන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමත් සමගයි චීනය මෙම ප්‍රකාශය සිදු කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් චියෙන් මහතා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වා තිබෙනවා.

ඔහු එහිදී ඔහු කියා සිටියේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට ජාතිකාරක්ෂාව රැක ගැනීම හා එයට තර්ජනයක් වන සියලු ක්‍රියාවන් මර්දනය කිරීමට චීන මධ්‍යම රජය ස්ථිර ව සහය ලබා දෙන බවයි.

අමෙරිකාව ඇතැම් නීතිමය කටයුතු හරහා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සහ හොංකොං හි නීතියේ පාලනයට චෝදනා කිරීම හා හානි සිදු කිරීම සම්බන්ධයෙන් චීනය දැඩිව විරුද්ධ වන බවයි ලින් චියෙන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.

අමෙරිකාව විසින් හොංකොං විශේෂ පරිපාලන රජයේ නිලධාරීන්ට එරෙහිව වීසා සීමා පැනවුවහොත් චීනය ඊට සමාන පියවර ගන්නා බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *