loader

මධ්‍යම ඇමරිකාවේ සහ දකුණු මෙක්සිකෝවේ සිටි අනවසර සංක්‍රමණිකයින් දහස් ගණනක් ඇමෙරිකානු දේශසීමා ආසන්නයට පැමිණෙමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ ලබන ජනවාරි මාසයේදී ජනාධිපති ධුරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රාජකාරී ආරම්භ කිරීමට පෙරයි.

ඔවුන් මෙසේ පැමිණීමට හේතුව වී ඇත්තේ ඩොනල්ඩ් තමා බලයට පත්වූ වහා ම ඇමෙරිකාවේ සිටින අනවසර සංක්‍රමණිකයන් සියළුදෙනාවම පිටුවහල් කරන බවට මැතිවරණ වේදිකාවලදී දුන් පොරොන්දු බව සඳහන්ය.

මේ නිසා ජනවාරි 20ට පෙර සංක්‍රමණිකයන් මෙක්සිකෝව හරහා එක්සත් ජනපද දේශසීමා වෙත ළඟා වීමට විශාල කණ්ඩායම් වශයෙන් පැමිණෙමින් සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *