
අද ( 27 ) දින දිවයිනේ ( ශ්‍රී ලංකාවේ ) උතුර, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවල
ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සෙසු ප්‍රදේශවල විටින් විට මි.මී.75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එමෙන්ම උතුර, උතුරුමැද , මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං පවතින බව ද පවසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ පස්වරු 11.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 190ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබූ බවත්, එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බවත්ය.