
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නිසා අද (25) උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
නිවේදනයේ සඳහන් වන්නේ එම පද්ධතිය අද අලුයම 02.30 පමණ වනවිට මඩකළපුවට කී.මී. 500ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා ( ශ්‍රී ලංකාවේ) බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි බව සඳහන්.
එසේම උතුර, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගුගුරුම් සහිත ඇතිවිය හැකියි.
බස්නාහිර, වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත්, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගුගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි පවසන්නේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත්,උතුර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
තවද උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (35-45)ක පමණ තරමක තද සුළං ද ඇති වේ.