loader

මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් තිස් දෙදෙනෙකු (32) සාර්ථක, සම්බන්ධීකරණ ක්‍රියාවලියකින් පසුව බේරාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අද(25) දිනයේ මොවුන් මෙලෙස මුදාගෙන ඇති බව සඳහන්.

ඔවුන් හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතවයි.

කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 24 දෙනෙකු මෙලෙස මුදවාගත් පිරිසට අයත්.

ඔවුන් Mae Sot දේශසීමාව හරහා ආරක්ෂිතව රැගෙනවිත් ඇති අතර තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ඔවුන් පිළිගනු ලැබූ බව ද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *