loader

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කුමන්ත්‍රණයකට සම්බන්ධ බවටටයි එරට පොලිසිය චෝදනා කරනනේ.

2022 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා, ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග එක්ව කුමන්ත්‍රණයක් සිදුකර ඇති බව බ්‍රසීල පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව මෙම කුමන්ත්‍රණය සඳහා හිටපු ඇමතිවරුන් හා නිලධාරීන් 36 දෙනෙකු එක්ව ඇති බවද එරට පොලිසිය එල්ල කරන චෝදනාවල දැක්වෙන්නේ.

හිටපු ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා හා ජාතික ආරක්ෂක උපදේශකවරයා මෙන්ම බොල්සොනාරෝගේ පක්ෂයේ නායකයා ද ඊට සම්බන්ධ බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *