
හොර රහසේ මෙරටට ගෙන්වන ලද නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු මහනුවර ප්‍රදේශයේ අරුප්පලවත්ත පාරේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයෙක්.
එම ප්‍රදේශයේ වෙළඳ සැලක් තුළ සිදු කළ වැටලීමකදී Newcastle වර්ගයේ දුම්වැටි 5,000 ක් අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.