loader

ඉන්දියාවේ Bareilly සිට Badaun දිස්ත්‍රික්කයේ Dataganj දක්වා ගූගල් සිතියම් ආධාරයෙන් ධාවනය කළ මෝටර් රථයක් පාලමක සිට අඩි 50ක පහළින් ගලා යන ගංඟාවට වැටී එහි ගමන් ගත් තිදෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උත්තර් ප්‍රදේශ්හි පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ප්‍රදේශවාසීන් එකතු වී හානියට පත් මෝටර් රථය ගඟෙන් පිටතට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

මෙම වසර මුලදී ඇති වූ ගංවතුර හේතුවෙන් එම පාලමේ ඉදිරිපස කොටස ගඟට කඩා වැටී ඇති බවත්, පාලමේ නවතම තත්ත්වය GPSහි යාවත්කාලීන කර නොමැති බවයි මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම, පාලම අසම්පූර්ණව තබා තිබීමත් සහ පැමිණෙන වාහනවලට ඒ සම්බන්ධව අනතුර ඇඟවීම සඳහා එම ප්‍රදේශය වටා බාධකයක් නොතිබීමත් පිළිබඳව මියගිය අයගේ පවුලේ සාමාජිකයන් අදාළ නිලධාරීන්ට චෝදනා එල්ල කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *