loader

මේ දින වල ඕස්ට්‍රේලියානු භාෂා පරිවර්තක සහ පරිවර්තක ආයතනයේ (AUSIT) ජාතික සමුළුව සාර්ථකව Melbourne හි පැවැත්වෙනවා.

ඕස්ට්‍රේලියාවේ ජිවත් වුවත් තමන්ගේ මව් භාෂාවෙන් අවශ්‍ය සේවා සැපයීම මෙහි අරමුණ වන අතර භාෂා නොදැනුවත්කමින් අපහසුතාවට පත්කිරීම අවම කිරීම මෙහි අරමුණයි.

සෑම දිනකම දවසේ පැය 24 පුරාම මෙම සේවා ක්‍රියාත්මක කරන අතර සේවාවන් සඳහා පහසුකම් සපයන පරිවර්තකයන් 2700කට අධික පිරිසක් මේ සදහා යොදවීම‍ට කටයුතු කරන බව සදහන්.

TIS ජාතික පරිවර්තකයන් පසුගිය වසරේ මිලියන 1.3 ට වඩා භාෂා පරිවර්තන සේවා සපයා ඇති බවයි වාර්තා වන්නේ.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වසර 75 කට වැඩි කාලයක් භාෂා සේවා සැපයීමෙන් ඕස්ට්‍රේලියානු ප්‍රජාවට සහයෝගය දැක්වීමට දැඩි උනන්දුවක් දක්වන අතර මේ සදහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනුග්‍රාහකත්වය දක්වනවා.

ඕස්ට්‍රේලියාවේ AATIS ආයතනය මගින් ඕනෑම භාෂාවකින් ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට අවශ්‍ය සේවාවන් සැපයීමට බැදී සිටින අතර මෙම සේවා සදහා සම්බන්ධ වීමට Access Automated Telephone Interpreting Service (ATIS) on 1800 131 450 අංකය හා සම්බන්ධවීමෙන් අවස්ථාව හිමිවනවා.

ඕස්ට්‍රේලියානුවන්ට පමණක් නොව සංක්‍රමණිකයින්ටද එක හා සමාන සේවා ලබා ගැනීමට එමගින් අවස්ථාව ඔබට ලැබෙනවා.

වැඩිදුර තොරතුරු මෙතැනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *