loader

පර්ත් හි නැගෙනහිර බේස්වෝටර් හි අවිධිමත් ලෙස රිය පැදවූ බව කියන පුද්ගලයෙකුගේ මෝටර් රථයේ ගැටීමෙන් මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු මරණයට පත් වී තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ මෙම පදිකයා රෝයල් පර්ත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුයි මිය ගොස් ඇත්තේ.

දුම්රිය පාරේ රෝස් ඇවනියු කොනක තිබූ රථවාහන සංඥා පුවරුවක අනතුර සිදු කළ සැකකරුගේ මෝටර් රථය හැප්පීමෙන් පසු පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ සිටි පුද්ගලයෙකුගේ මෝටර් රථයකට ද ඔවුන්ට ඉන් පිට වී යාමට නොහැකි ලෙස අදාළ සැකකරු එහි ටයර් වලට පිහියකින් ඇන මෙම සිදුවීම වීමට පෙර ඔවුන් බියට පත් කර ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් මෝටර් රථයේ සිටි කුඩා දරුවන් දෙදෙනාට කිසිදු හානියක් සිදු නොවී ඇති බව පොලිසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *