
තමාට සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගලාන්ට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) විසින් ගත් තීරණය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හෙළා දැක තිබෙනවා.
සිවිල් වැසියන්ගේ ජීවිත හානි වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සිය බලයෙන් හැකි සෑම දෙයක්ම කරන විට මෙසේ හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කරගත් බව පවසමින් එම අධිකරණය කරන චෝදනා සාවද්‍ය බවට ඔහු ප්‍රකාශ කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එමෙන්ම හමාස් සංවිධානයේ හිටපු නායකයකු වූ ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ, මොහොමඩ් ඩීෆ්ට ද අන්තර්ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධයේ දී අපරාධ සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් තිදෙනා සාපරාධී වගකීම දරන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බවයි එම අධිකරණයේ විනිසුරුවන් පැවසුවේ.
නමුත්, අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් එල්ල කරන මෙම චෝදනා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය යන දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කරනවා.